NO PMC
පශ්චාත් කොතලාවල සමය 01
කොතලාවල ආයතනය හරහා වෛද්‍ය උපාධිය මුදලට ලබාදීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවෙන් තීරණය ඇවිත් අදට සතියක්. මේ වෙද්දි ඒ තීරණය සම්බන්ධයෙන් අලුත්ම ප්රවණතා උද්ගත වෙලා තියෙන බව දකින්න පුළුවන්. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් විපක්ෂය විසින් එම තීරණයට විරෝධය දක්වනවා. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඒ තීරණය ගත්තෙ ඇයි කියනෙක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තවම නම් නෑ.
ඊට අමතරව කොතලාවල ආයතනයේ ආචාර්යවරුන් සහ ශිෂ්‍යන්ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. ඒ අතරින් විශේෂ වුණේ කොතලාවල නීති පීඨයේ ශිෂ්‍යයෙක් තැබූ සටහනක්.
ඇත්තටම ඒ ශිෂ්‍යයා සෑහෙන අවදානමක් අරං තියෙනවා ආයතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සටහනක් තැබීමෙන්. මොකද කොතලාවල ආයතනයේ ශිෂ්‍ය අත්පොතට අනුව උපකුලපතිගේ අවසරයකින් තොරව මාධ්‍යයේ පෙනී සිටීමට හෝ සමාජ මාධ්‍යවල ආයතනය සම්බන්ධයෙන් අදහස් දක්වන්න බෑ. කොහොම නමුත් ඒ ශිෂ්‍යයා මතු කරල තියෙන කතාව ඉතාම වැදගත්.
ඔහු පෙන්වන්නෙ රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ විරෝධය එල්ල වූ කොතලාවල වෛද්‍ය පීඨය මගින් මොරටුව වෛද්‍ය පීඨයේ ශිෂ්‍යන්ට විද්‍යාගාර පහසුකම් සලසන බව. එනිසා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ශිෂ්‍යන් උනන්දු විය යුත්තේ කොතලාවල සම්බන්ධයෙන් නොව තමන්ගේම පීඨ ගොඩනගා ගැනීමට බව ඔහු පෙන්වා දෙනවා.
ඒ කියන කතාව බොරුවක් නෙමෙයි. නමුත් ඔහු වරදවා වටහාගෙන තියෙන කතාව අපේ ශිෂ්‍යන් ඉල්ලා සිටියේ කොතලාවල වෛද්‍ය පීඨය වසා දැමීමට බව. ඒක වැරදියි. අපගේ විරෝධය පැවතුණේ කොතලාවල වෛද්‍ය පීඨය හරහා සිවිල් සිසුන්ට මුදලට උපාධිය ලබා දීම පිළිබඳව. නැතුව පීඨය වහන්න ඉල්ලීමක් අපේ තිබ්බෙ නෑ.
කොහොම උනත් මොරටු කතාව එක්ක අපිටත් ප්‍රශ්නයක් තිබ්බා. මොරටුව සහ කොතලාවල අතර සම්බන්ධතා තිබ්බෙ අද ඊයෙ නෙමෙයි. 1980දි කොතලාවල ඇකඩමිය පටන් ගත්තාමත් උගන්වන ආචාර්ය මණ්ඩල සහ භෞතික පහසුකම් නොතිබ්බ නිසා කැඩෙට් ශිෂ්‍යන්ට මොරටුවට එවා අධ්‍යාපනය ලබා දුන්නා. ඒ අතීතයෙදි.
2019දි ආරම්භ කෙරුණු මොරටුව වෛද්‍ය පීඨයට පසුගිය වසරේ ගොඩනැගිල්ලකට මුල් ගල තියෙන කන් නිශ්චිත භෞතික සම්පත් තිබ්බෙ නෑ. මේ හේතුව නිසා මොරටුවෙ වෛද්‍ය ශිෂ්‍යයො වෙනත් වෛද්‍ය පීඨ සහ ආයතන හරහා ලැබුණු පහසුකම් වලින් තමා අධ්‍යාපනය ලැබුවෙ. වෛද්‍ය අධ්‍යාපනයේ පළමු දෙවසර තුළ කායව්‍යච්ඡේද විද්‍යාව, ජෛව රසායන විද්‍යාව සහ භෞතවේදය ඉගැන්වෙනවා. මේ විෂයන් තුනටම ප්‍රායෝගික පරීක්ෂණ අත්‍යාවශ්‍යයි.
ඔතන අමාරුම වැඩේ තමයි කායව්යච්ඡේදය. ඒ සඳහා මළ සිරුරු විච්ඡේදනය කරමින් මානව දේහයේ ව්‍යුහය අධ්‍යනය කරන්න ඕනෙ.
මොරටුවෙ වෛද්‍ය ශිෂ්‍යන්ට ජෛව රසායන විද්‍යාව මුල්කාලයේදි මොරටුවෙම රසායනික ඉංජිනේරු විද්‍යාගාර තුළත්, භෞතවේද පරීක්ෂණ කොළඹ වෛද්‍ය පීඨය හරහාත් ලබා දුන්නා. ගැටලුව උනේ කායව්‍යච්ඡේද විද්‍යාවට. මේ සඳහා මොරටුවෙ පීඨ පරිපාලනය තෝරාගත්තෙ කොතලාවල වෛද්‍ය පීඨය.
මුල් කාලයේදී ශිෂ්‍යන්ව එකඟතාවයන් මත යැවුණත් පසුව 2023 පෙබරවාරි මාසෙ 03 වැනිදා කොතලාවල සහ මොරටුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණා. එමගින් කොතලාවල හරහා අවශ්‍ය පහසුකම් ලබාගන්නව කියල තමා පෙන්වා දුන්නෙ.
හැබැයි පස්සෙ හොයල බැලුවට මේ MoU එකවත්, ඒකෙ අඩංගු කොන්දේසිවත් මොරටුව පරිපාලනයේ කිහිපදෙනෙකු ඇරෙන්න කිසිවෙක් දැන සිටියේ නෑ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල තීරණ ගන්නේ විශ්වවිද්‍යාල සභාව, සනාතන සභාව හා පීඨ මණ්ඩල වල අනුමැතියෙන්. ඒත් අදාළ MoU සම්බන්ධයෙන් ඒ ආයතනවල සාකච්ඡා වුණාද යන්න ප්‍රශ්නයක් ඒ කාලෙත් තිබුණා.
මොරටුව පරිපාලනයට කායව්යච්ඡේදය සඳහා කොතලාවලම තෝරගන්න හේතු තියෙන්න ඕනෙ. මොකද අවශ්‍ය නම් අනෙක් විෂයන් සඳහා භාවිතා කළ කොළඹ වෛද්‍ය පීඨය තුළත්, එහෙම නැතිනම් ඊටත් ආසන්නයෙන් මොරටුවට ළඟා වෙන්න පුළුවන් ජපුර වෛද්‍ය පීඨයේත් ඊට අවස්ථාව සලසාගන්න තිබ්බා. මොකද කොතලාවලට වඩා අදාළ රාජ්‍ය වෛද්‍ය පීඨ දෙකම UGC හරහා පාලනය වෙන, වෛද්‍ය සභාවට ඍජුව වගකියන ආයතන. නමුත් ජපුරට නම් එහෙම ඉල්ලීම් ඇවිත් තිබුණෙ නෑ.
නමුත් ඒ වෙනුවට මොරටුවෙන් තෝරාගත්තෙ කොතලාවල.
පසුව දැනගන්න ලැබුණා මොරටුව විශ්වවිද්‍යාලය විසින් කායව්යච්ඡේදය අරඹා දෙවසරක් තුළ කොතලාවල ආයතනයට එකී පහසුකම් වෙනුවෙන් මිලියන 2 ක් පමණ ගෙවා ඇති බව.
එවගේම මොරටුවෙන් කොතලාවල තෝරාගන්න මුල් වුණු තවත් හේතුවක් වුණේ එහි තියෙන 'විනයවත්' පරිසරය. කිසිමදාක සිය පීඨ පරිපාලනය ප්‍රශ්න නොකරන, ශිෂ්‍ය අයිතීන් නොහඳුනන පරිසරයක්, නිතර සිය අයිතීන් වෙනුවෙන් හඬ නගන රාජ්‍ය වෛද්‍ය පීඨයකට වඩා මොරටුවෙ නවක ශිෂ්‍යන්ට අධ්‍යාපනය ලබා දෙන්න සුදුසු බව මොරටු පාලනාධිකාරිය නොසිතුවා වෙන්න බැහැ. ඒකෙන් අනෙක් රාජ්‍ය පීඨ ශිෂ්‍යන් හා අදහස් මුසුවීම, ඒ පීඨවල පවතින පහසුකම් සැසදීම ඒ මගින් වැළකුණා. අදටත් අනිත් වෛද්‍ය පීඨවලට සාපේක්ෂව මොරටුව ඉන්නෙ හුදකලාව කියනෙකේ වැරැද්දක් නැහැ.
ඔය පහුගිය කාලය ඇතුළත අපි මොරටුව එක්ක බොහෝ සාකච්ඡා කළා. ඒ තැන්වලදි කොතලාවල වෙනුවට අපේ පීඨවලට ඔය පහසුකම් ලබා ගන්න එන්න කියල ආරාධනාත් කළා.
Comments
Be the first to add a comment