පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට සහය දක්වන පිරිස් කියන ප්‍රධාන තර්කයක් තමයි හරි ප්‍රමිතියට කලා නම් ගැටලුවක් නෑ කියන එක.
ඒත් එක්කම කියන තවත් කාරණයක් තමයි වෛද්‍ය පීඨයකට තේරී පත් වෙන්න අවශ්‍ය සුදුසුකම C දෙකයි S එක සහ ඊට වැඩි ප්‍රතිපල තියන ඕන කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන්න අයිතිය තියනව කියන එක.

හුගක් අය නොදන්න කාරණය තමයි ඔය දෙවෙනි Point එකෙන්ම පලවෙනි point එක violate වෙනව කියන එක.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතින් ගැසට් කරන්නෙ 2018 දී . (ඒ අවම ප්‍රමිතීන් වලින් එක කොටසක් විතරයි ඇතුලත් වීමේ නිර්ණායක/Entry criteria)

‼️මේ අවම ප්‍රමිතීන් සම්බන්ධ ලියවිල්ල හැදෙන්නෙ වෛද්‍ය අධ්‍යාපනය නියාමනය සම්බන්ධව නීත්‍යානුකූල බලයලත් ආයතනය වන වෛද්‍ය සභාව විසින් ක්ෂේත්‍රයේ ප්‍රවීන මහාචාර්ය වරු ,ආචාර්යවරු සහ වෛද්‍යවරුන්ගේ තාක්ෂණික කරුණු සලකා බලලා.

‼️"
පාර්ලිමේන්තුවට යවපු ඒ වාර්තාවේ සඳහන් වුනේ ඇතුලත් වීමේ නිර්ණායක / Entry criteria උසස් පෙල ජීව විද්‍යා අංශයෙන් B 3ක් විය යුතු බව"



හැබැයි රාජිත සේනාරත්න ඇතුලු එවකට හිටපු වෛද්‍ය අධ්‍යාපනය ගැන අබමල්‍ රේණුවක් වත් නොදන්න කැබිනට් මණ්ඩලයේ තනි උවමනාවට B 3 කියන අගය CCS දක්වා අඩු කරලා සම්මත කලා.
හේතුව තමයි ඔය අගය B3 තිබුන නම් කවද හරි දාන පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ලාබ ලබන්න පුළුවන් තරමේ සුදුසුකම් තියන පිරිසක් ඉතුරු වෙන්නෙ නෑ.

ඔන්න ඔහොම තමයි නියාමන ආයතන වලට බම්බු ගහගන්න කියල දේශපාලුවො තමන්ට වාසි සෙට් වෙන විදියට නියාමනය උන්ගෙ අතට ගන්නෙ.

"C දෙකයි S එක තියනකන් ක්‍රියාත්මක වෙන්නෙ රාජිත සේනාරත්නගෙයි ඒ කාලෙ හිටපු මැටිමෝල් ඇමතිලගෙයි නියාමනය මිසක් හරි නියාමනය නෙමෙයි"


@NoPMC

Comments

Be the first to add a comment