කොටින්ම අපේ තිබ්බ අත්දැකීම් අනුව 2022දි මොරටුවෙ මහා ශිෂ්‍ය සංගමය එක්ක පැවති සාකච්ඡාවකදි මොරටුව සඳහා වෛද්‍ය පීඨයක් ඉදිවෙනවා නම්, ඒක එහි ශික්ෂණ රෝහලවෙන කළුතර ආශ්‍රිතව ඉදි විය යුතු බව අපි කිව්වා. ඒත් මොරටුවෙ ශිෂ්‍යන්වත්, පරිපාලනයවත් ඒ බව ඇහුවද කියන ප්‍රශ්නෙ අපිට තියෙනවා.

කොහොමහරි මේ වෙද්දි මොරටුවෙ වෛද්‍ය පීඨයට පූර්ව සායනික අධ්‍යන කටයුතු වලට පහසුකම් සහිත අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉදිවෙලා තියනවා. බොහෝවිට ඒක විවෘත වීමෙන් පස්සෙ මොරටුවෙ ඉදිරි පරම්පරාවටවත් කොතලාවල යන්න වෙන එකක් නෑ. ඒකට යම් කාලයක් ගත වෙයි. එතකන් වුණත් ගත්ත තීරණය වෙනස් කරන්න හිතෙනවා නම් මං හිතන්නෑ ජපුරෙවත්, කොළඹවත් ශිෂ්‍යයො මොරටුවෙන් ඉල්ලීමක් ආවොත් විරුද්ධ වෙයි කියලා.

පුනරුද ආණ්ඩුවෙන් මොරටුවට විසඳුමක් යෝජනා කළා. ඒ පීඨය කළුතරම හදන්න. අපි එදා කිව්වෙත් ඒකයි. කවදහරි මුළු මොරටුවම කළුතර හැදෙයි. එදාට ඔය අලුතෙන් හදපු කටුබැද්ද ගොඩනැගිල්ලත් දාල යන්න වෙයි. මොකද පීඨය දෙකට කඩල තැන් දෙකක පාලනය කරන්න අපහසුයි. එදා ඔය සැලසුම් කළුතරම හැදුණනම් කියල අපිට හිතෙනවා. ඒත් තවත් පරක්කු නැහැ....

ඉතිහාසය හොඳ පාඩම් කියාදෙනවා. එදා මොරටුව වෛද්‍ය පීඨය ගැන තීරණ ගත්ත බහුතරය අද ඒ පුටුවල නෑ. අලුත් වෛද්‍ය පීඨ, විශේෂයෙන් වෙල්ලස්ස තේරුම් ගන්නෝනෙ පාඩමක් මොරටුවෙ තියෙනවා. පීඨ හුදකලා වෙන තරමට පරිපාලනයට පාලනය කරන්න පහසුයි. අනිත් පීඨ එක්ක ඔබ නොගැටෙන තරමට ඔබේ අයිතීන් සඟවන්න ලේසියි. ප්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනයක් කියන්නෙ නිදහස් අධ්‍යාපන වරම් ලද මේ රටේ හැම වෛද්‍ය ශිෂ්‍යයෙක්ගෙම අයිතියක්. ඔබේ අයිතිය ගැන ඔබ හඬ නගන්නැතුව කවුරු හඬ නැගුවත් ඒකෙ ලොකු ප්‍රතිඵලයක් නෑ.
වෛද්‍ය පීඨ වල ඇති සමහර ගැටලු වලට ආණ්ඩු, පරිපාලනය වගේම මුනිවත රකින ශිෂ්‍යයොත් වගකියන්න ඕනෙ.

සේයාරුව : අදාළ කොතලාවල සිසුවාගේ පැතිකඩෙන්, කොතලාවලට පැමිණෙන මොරටුව වෛද්‍ය ශිෂ්‍යයන්

By Rashmia Chamod


https://t.me/NoPMC

Comments

Be the first to add a comment