" සෞඛ්‍ය ලේකම්තුමනි, අපි මේ අවුරුද්දෙ ගේමක් ගහලා post intern පත්වීම් ටික අරං දුන්නා..අපි ලබන අවුරුද්දෙ මොකද්ද කරන්නෙ? මං ඊයෙ පොල්දූව හන්දියෙන් යද්දි දැක්කා රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයක්. අපිට වැඩි කල් නොයා රැකියා විරහිත MBBS උපාධිධාරීනුත් පාරෙ ඉන්නවා බලන්න පුළුවන් වෙයි"

හිතන්න ! මේ රාජ්‍ය වෛද්‍ය පීඨ විතරයි. අපි නොහිතන තරම් වේගෙන් විදේශීය වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව වැඩි වෙනවා. කොතලාවල හරහා ලක්ෂ 150ට MBBS උපාධිධාරීන් හදනවා. මේ සේරම ඉස්සරහට රස්සා බලාපොරොත්තුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට එනවා.
ආං ඒ අතරෙ ලයිසියම්, NSBM, SLIIT, Gateway පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න හදනවා. මේ සේරටම රස්සා කෝ ?

අපි රටක් විදිහට කොහාටද යන්නෙ?
රටේ වෛද්‍ය අධ්‍යාපනය කොහාටද යන්නෙ?

UGC එක කියනවා ‍රාජ්‍ය වෛද්‍ය උපාධිධාරියෙක් හදන්න ලක්ෂ 55ක් යනව කියල. මේ ඔබේ මගේ බදු සල්ලි. ඒ මුදලින් වෛද්‍ය උපාධිධාරීන් හදල ඔවුන්ගෙ සේවය රටට ගන්න බැරි නම් අපි රටක් විදිහට ෆේල් නැද්ද? මේව නෙමෙයිද ප්‍රතිපත්ති හදද්දි හිතන්න ඕනෙ ?

දැන්වත් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් නිසි ජාතික ප්‍රතිපත්තියක් ඕනෙ.

ඔය අතරෙ සමසෞඛ්‍ය උපාධිධාරීන් ගැන අපූරු යෝජනාවක් ආණ්ඩුව ගෙනල්ල. රජයේ වගේම පෞද්ගලික ආයතන වලින් උපාධි ලබාගත්ත සමසෞඛ්‍ය උපාධිධාරීන් හැමෝටම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් තියල වැඩිම ලකුණු ගන්න අයට විතරක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සීමිත රස්සා ප්‍රමාණය දෙන්න තීරණය කරලා.

ඔය යෝජනාවම වෛද්‍ය උපාධිධාරීන්ට අනාගතේදි යොමු වෙන්නෑ කියල කාටද හිතන්න පුළුවන් 😃

ඉතින් MBBS කළාට රස්සා තියෙයිද? 🙄

ඡායාරූපය : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ 'ශ්‍රී ලාංකේය වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය' සංකල්ප පත්‍රිකාවේ 12 වැනි පිටුව

Rashmika Chamod Ranasinghe
(වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු)

Comments

Be the first to add a comment