NO PMC
0:49
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"නිදහස් අධ්‍යාපනය දිනේවා..!"
අදින් පසු නොමිලයේ උගන්වනවා යැයි
දැනුම්දුන් විට දැනෙන සතුට..!
නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය, එහි ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගෙන් තවදුරටත් මුදල් අයනොකරන බව නිවේදනය කර තිබේ.
ඒ, ඇමරිකානු ඩොලර් බිලියනයක පරිත්‍යාගයක් එම විශ්ව විද්‍යාලයට ලැබී ඇති බැවිනි.
මෙම අති දැවැන්ත මුදල එම විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කර තිබෙන්නේ, වසර පනස් පහක් එම විශ්ව විද්‍යාලයේ අධ්යක්ෂ මණ්ඩල සභාපතිනිය ලෙස කටයුතු කර තිබෙන, රූත් ගොටෙස්මන් නමැති අනූ තුන්වියැති කාන්තාව විසිනි.
ඇයට එම මුදල උරුම වන්නේ ඇගේ සැමියාගෙනි.
ඇගේ සැමියා ඩේවිඩ් සැන්ඩි ගොටෙස්මන් ය.
ඔහු, බර්ක්ෂෙයර් හතාවේ [BERKSHIRE HATHAWAY INC] නමැති සුප්‍රසිද්ධ සමාගමේ ආයෝජකයෙකු මෙන්ම, එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වන වොරන්ට් බෆෙට්ගේ Warren Buffett දීර්ඝකාලීන මිත්‍රයෙකු බවද පැවසේ.
Comments
Be the first to add a comment