NO PMC
⚠️
️ ආණ්ඩුව සහ කොතලාවල අතර සාකච්ඡා
වත්මන් රජයට කරපු සිහිපත් කිරීම්, විරෝධතා වලින් පස්සෙ ආණ්ඩුවෙ පාර්ශව කොතලාවල ආයතනය සමග මේ ගැටලුව සාකච්ඡා කළ බව අපිට ආරංචි වුණා. ඒත් කොතලාවල පරිපාලනය ඒකට එකඟ නොවූ බව අපිට හිතාගන්න පුළුවන්. මොකද වෛද්‍ය උපාධිය කියන ධන උල්පත වහන්න ඔය ආයතනය කැමති වෙන්නෑ. හැරත් ආභරණ විදිහට වෛද්‍ය උපාධි පළඳින්න ආසාවෙන් ඉන්න පැලැන්තියේ පාර්ශව, කොතලාවලින් ඇරුණු රන් දොර වැහෙන එකට කැමතිවෙන්නෙත් නෑ.
⚠️
️ ආණ්ඩුව නොතැකූ කොතලාවල නිලධාරීවාදය
වත්මන් රජය කොතලාවලින් සිවිල් සිසුන්ට වෛද්‍ය උපාධිය විකිණීම නැවැත්වීම ගැන එහි පරිපාලනයට දැනුම් දී තිබූ බව අපිට් උපකල්පනය කරන්න පුළුවන් නමුත්, පහුගිය මැයි 21 වෙනිදා කොතලාවල ආයතනය සිවිල් සිසුන් සඳහා අයදුම්පත් කැඳවන නිවේදනයේ වෛද්‍ය උපාධිය ලක්ෂ 175කට වෙන්දේසියේ දමා තිබුණා. එමගින් පේන්නෙ ආණ්ඩුවේ තීරණය කොතලාවල නිලධාරීවාදය විසින් නොතකා තිබූ බව. මොකද ආණ්ඩුවේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එදිනම සමාජ මාධ්‍ය තුළ ඊට විරෝධය දක්වා තිබුණා. ඊට පස්සෙ පසුදා මැයි 22 පාර්ලිමේන්තු සැසියේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා තමයි නිවේදනය කරන්නෙ ඊයෙ පලවුණු කොතලාවල දැන්වීමේ නිවැරදි කිරීමක් තියෙනවා , සිවිල් සිසුන් ගන්නෑ කියල. ඊට පැය කිහිපයකින් පස්සෙ කොතලාවල වෙබ් අඩවියෙත් අදාළ බඳවා ගැනීම් සිදු නොකරන බවට නිවේදනයක් පළ වුණා. මේ ආණ්ඩුව කොහොමත් තවම බොහෝ තැන්වල නිලධාරීවාදය මෙල්ලකරන්න වලිකනවා. කොතලාවලදිත් එහෙම උන එක පුදුමයක් නෑ.
⚠️
️ දැන් ආණ්ඩුව ගොළුයි !
එදා පාර්ලිමේන්තු සැසියෙන් පස්සෙ සජිත් ඇතුළු විපක්ෂයේ පාර්ශව අවස්ථා ගණනාවකදි මාධ්‍ය සාකච්ඡා අරං, ඒ වගේම නලීන් පාර්ලිමේන්තුවේදිත් මේ ප්‍රශ්නෙ පට්ට ගහනවා. ඔය බලවේග කුලප්පු කරන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, කොතලාවල නිලධාරීවාදයම තමයි.
😅
ඒව කොහොම උනත් පාර්ලිමේන්තු කතාවෙන් පස්සෙ ආණ්ඩුවේ කිසිම පාර්ශවයක් මේක ගැන වචනයක් කතා කරල නෑ. පුවත්පත්වල වුණත් පළවුනේ මේක ආණ්ඩු පක්ෂයේ වෛද්‍ය මන්ත්‍රීවරුන්ගෙ විරෝධයක් නිසා ආපු තීරණයක් බව.
අපිට තේරෙන්නෙ ආණ්ඩුව මේ තීරණය අරං තියෙන්නෙ එක හිතකින් නෙමෙයි. නැත්තං අදටත් උත්තර නොදෙන්න හේතුවක් නැහැ.
නැත්තං උත්තර දෙන්න බයයි, ඒ උත්තර වලින් කොතලාවලට එන්න හිටපු පැලැන්තියෙ හිත රිදෙයි කියලා.
එහෙමත් නැත්තං මේක, තීරණය ආපස්සට හරවන්න ඉඩක් තියාගෙන, ශිෂ්‍ය ව්‍යාපාරයට තාවකාලිකව දුන්න ලොසිංජරයක්.
ඒ කොහොම උනත් ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන්වත් ඇත්ත තත්ත්වෙ කතා කරන්න ඕනෙ. මොකද ඔය දැන් මතුවෙන කතාවල කොතලාවල සම්බන්ධයෙන් මවන චිත්‍රය ඒකෙ යථාව නෙමෙයි.
🙂
By Rashmika chamod
Comments
Be the first to add a comment